ඇමරිකාව-රුසියාව UN සමුළුවේ උණුසුම් වාග් සංග‍්‍රාමයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

ඇමරිකාව-රුසියාව UN සමුළුවේ උණුසුම් වාග් සංග‍්‍රාමයක

http://ift.tt/eA8V8J

යුරෝපයේ රුසියානු ආක‍්‍රමණිකත්වය ගෝලීය පරිමාණයේ තර්ජනයක් බව ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හඳුන්වාදී ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ බටහිර අප‍්‍රිකාවේ එබෝලා වෛරසය පැතිරයාමත්, රුසියානු ආක‍්‍රමණිකත්වයත්, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදයත් ගෝලීය තර්ජනයන් බවයි.

ඔබාමා මේ අදහස් දක්වා ඇත්තේ නිව්යෝක්හි පැවැත්වෙන 69වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව අමතමිනි.

ජාත්‍යන්තර සාමයට සහ ස්ථාවරත්වයට හානි ගෙන එන තර්ජනයන් අතරින් රුසියාව දෙවන ස්ථානයෙහි තැබීම උමතු ක‍්‍රියාවක් බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ කථාව පිළිබඳ අදහස් දක්වමින් රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසා ඇත.

ඔහු දක්වා ඇත්තේ ඇමරිකාව විසින් ඉරාකයේ හා සිරියාවේ ක‍්‍රියාත්මක කර ඇති ගුවන් ප‍්‍රහාරයන් එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව සිදුකර ඇති තත්වයකදී පවා ලෝකය වඩා නිදහස් හා ආරක්‍ෂිත වී ඇති බවට ඔබාමා කර ඇති හැඳින්වීම  ඕර්වෙලියානු මනෝ විකාරයක් බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ කථාව සත්‍ය කරුණු විමසා බලන විට අසමත්වූ සාමයේ ආරක්‍ෂකයෙකුගේ කථාවක් වැනි වූ බව ලැව්රොව්ගේ අදහසයි.

ඔබාමාගේ කථාව පුරා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ හෝ වෙනත් ජාත්‍යන්තර නෛතික පදනමක් අදාළ නොවන හිතුවක්කාරී ලෙස අවි බලය යෙදවිය හැකි රටක ලෝක දැක්ම අඩංගු වූ බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad