මෙරට දේශපාලකයන් ප‍්‍රබුද්ධ නැති බවත් රටට එවන් දේශපාලන නායකත්වයක්ද නැති බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
පාර්ලිමේන්තුවේදී අදහස් පලකරමින් උන් වහන්සේ මෙසේද කීහ.
‘අපට ප‍්‍රබුද්ධ දේශපාලන නායකත්වයක් නැහැ. අපේ රටේ දේශපාලඥනයන් ප‍්‍රබුද්ධ නැහැ.
ලෝකයේ මුහුදු මට්ට්ටම සෙන්ටිමීටර් 18කින් ඉහළ ගොස් තිබෙනවා. මඩකලපුව යාපනය සම්පූර්ණ නියං තත්ත්වයකට පත් වෙනවා. මේ බව ජාත්‍යන්තර වාර්තාවක සදහන් වෙනවා. මිලියන් තුනක් වන වතු කම්කරුවන් අද අසහනයට පත්වෙලා. අපේ වැව් පද්ධතිය දියුණු කිරීමට කිසිදු සැලැස්මක් නැහැ. මේ ගැන සුළුවෙන් හෝ අවධානයක් යොමුකර නැහැ. අපිට වැව් පද්ධතියක් අවශ්‍යශයි. රටක් හැටියට සියලූම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ජාවකට එළඹිය යුතුයි. මේ රටේ ජනජීවිතය වර්ධනය කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාද?
අලියා සිටිය යුතු කැලෑ ටික තේ වැවීමට යෙදෙවුවා. එම ප‍්‍රදේශවල කවදාවත් තේ වැවෙන්නේ නැහැ. මේක පරිසර විකෘතියක්.
ලංකාවේ විශාල ආහාර අහේනියක් ඇති වීමට නියමිතයි. අපේ ආහාර නිෂ්පාදනය සියයට 35කින් අඩුවෙන බව පැවැසෙනවා’
lanka C news
No comments:
Post a Comment