ගූගල් සමාගම විසින් නව නගරයන්, ගුවන් තොටුපළ ආදිය ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ වන විට ගූගල් සමාගමේ ආදායමෙන් වැඩි කොටසක් එහි සුප‍්‍රකට ගූගල් සෙවුම් පද්ධතියෙන් උපයන අතර ඉදිරියේදී එය වෙනස් මාවතකට හැරවීම සඳහා ගූගල් 2.0 නම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි පැවසේ. මෙය ගූගල්හි සම නිර්මාතෘ ලැරී පේජ්ගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක වේ.
වසරකට පමණ පෙර ගූගල්හි ප‍්‍රධාන විධායක ලැරී පේජ් විසින් මාස කිහිපලයක් ගත වන තුරු සතියකට දින 2ක් වෙන් කර සිදුකරන ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ අතර සේවකයන් සිය දෙනෙකු පමණ ඒ හා එක්වී ඇත.
ගූගල් එක්ස් කණ්ඩායම විසින් සිදුකළ කාර්යභාරයත් ඉක්මවන සුළු පරාසයක් වෙත මෙම පිරිසේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
ඒ අනුව ස්වයංක‍්‍රීය මෝටර් රථ, රොබෝවරුන්, නගර නිර්මාණය, ගුවන් තොටුපළ ඉදිකිරීම් ආදියෙන් සමන්විත මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස ගූගල් වයි ලෙස නම් කර තිබේ.
විචාරකයින් පවසා ඇත්තේ මේ තුළ කුමක් සිදුවන්නේදැයි පැවසිය නොහැකි වුවද ගූගල් සමාගම විසින් සැන් ජෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුද්ගලික පර්යන්තයක් ඉදිකරමින් ඇති බව බි‍්‍රතාන්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කර තිබේ.
පසුගිය කාලසීමාව තුළද ගූගල් සමාගම විසින් කෘත‍්‍රිම බුද්ධිය ආදිය පිළිබඳ හැදෑරීම් සඳහා දැවැන්ත මුදලක් වෙන් කරන ලදී.
lanka C news
No comments:
Post a Comment