පාප්තුමාගෙන් ඉල්ලාගත් හිස්වැස්මක් වෙන්දේසියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 27, 2014

පාප්තුමාගෙන් ඉල්ලාගත් හිස්වැස්මක් වෙන්දේසියට

http://ift.tt/eA8V8J

ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පැළඳි හිස්වැස්මක් ඊ-බේ හි වෙන්දේසි කර ඇතැයි වාර්තා වේ.  වෙන්දේසියට එක් කිරීමෙන් පැය 24ක් ගතවන විට එහි මිල ඩොලර් ලක්‍ෂයක් ලෙස සටහන්වූ අතර පැය 36කින් අනතුරුව එය ඩොලර් 250000 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසේ.

හයිනාවරුන් විනෝදාත්මක නම් ඉතාලි රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදකයා විසින් මෙම හිස්වැස්ම වෙන්දේසියට යොමු කර තිබේ.

ඔහු පාප්තුමන් විසින් වතිකානුවේ ශාන්ත පීටර්ස්බර්ග් චතුරස‍්‍රයේ පැවත්වූ දේවමෙහෙයක ඉදිරිපස අසුනක් අල්ලාගෙන ඇති අතර එහිදී පාප්තුමන්ගේ අවධානය දිනාගෙන ඇත.

ඉන්පසු නිවේදකයා ෆ‍්‍රැන්සිස් පාප්වරයා වෙතට ගොස් ඔහුගේ හිස්වැස්ම දෙන ලෙස ඉල්ලා ඇති අතර තමන් ළග තිබූ හිස්වැස්මක් පළඳගන්නා ලෙස පාප්තුමන්ගෙන් ඉල්ලා තිබේ.

හයිනාවරුන් වැඩසටහන විසින් මෙහි වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති අතර පාප්තුමන් විසින් තමන් වෙත ලබාදුන් හිස්වැස්ම පරීක්ෂා කර බලා පැළඳගෙන තම හිස්වැස්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නා අතට ලබාදෙනු එහි දැක්වේ.

හයිනාවරුන් වැඩසටහනේ අධ්‍යක්‍ෂකවරුන් පවසන්නේ හිස්වැස්ම වෙන්දේසියෙන් ලැබුණු මුදල කොංගෝ ජනරජයේ ළමා මරණ අඩුකිරීමට සටන් වදින ඉතාලි සුභසාධක සංවිධානයකට ලබාදෙන බවයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad