උඩුගම්පොළ නියවල බෝල හන්දියේ පදිංචි දේවාලයක කපුමහතෙකු නිධානයක් ගොඩගැනීම සදහා පැහැරගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ රැදවූ සිවු දෙනෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නියෝග කළේය.
කපු මහතා රාත‍්‍රියේ නිවෙස අසල කඩයට යමින් සිටියදී වෑන් රියකින් පැමිණි සැකකරුවන් බලහත්කාරයෙන් රියට නංවා පැහැරගෙන ගොස් ඇත.
නිධානයක් ගොඩ ගැනීම සදහා කපු මහතාගෙන් සහාය ඉල්ලා ඇති අතර ඔහු ඊට අකමැති වීම නිසා පහර දී මහ මග දමා ගොස් ඇති බව පැමිණිල්ලේ සදහන් වෙයි.
lanka C news
No comments:
Post a Comment