පොල් කර්මාන්තයෙන් රුපියල් බිලියන 48ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 27, 2014

පොල් කර්මාන්තයෙන් රුපියල් බිලියන 48ක්

http://ift.tt/eA8V8J

2014  වර්ෂයේ  මුල්  මාස  08  ඇතුළත  පොල්  කර්මාන්තයෙන්රුපියල්  බිලියන  48  ක  මුදලක්  උපයාගෙන  ඇත.

එ්  අනුව  වසර  අවසන්  වන  විට  අපේක්ෂිත  ආදායම  රුපියල්  බිලියන  70  දක්වා  වර්ධනය  කරන  බවත්  පොල්  සංවර්ධන  අධිකාරියේ  සභාපති  අරුණ  ගුණවර්ධන  මහතා  ප‍්‍රකාශ  කරයි.

මේ  වන  විට  ලෝකයේ  බොහෝ  රටවලින්  පොල්  ආශ‍්‍රිත  නිමැවුම්  සඳහා  විශාල  ඉල්ලූමක්  පවතින  බව  ප‍්‍රකාශ  කළ  සභාපතිතුමා  පොල්  වතුර,  පොල්  කටුව,  පොල්  මදය,  හා  පොල්  ලෙල්ල  ඇතුථ  එහි  ඇති  සෑම  දෙයකින්ම  විශාල  ප‍්‍රයෝජනයක්  ගත  හැකි  බවත්,  එ්  පිළිබඳව  ජනතාව  දැනුවත්  කිරීමේ  විශේෂ  වැඩපිළිවෙලක්  සූදාානම්  කරමින්  පවතින  බවත්  ප‍්‍රකාශ  කළේය.

චීනය,  ඇමරිකාව  සහ  බටහිර  යුරෝපය  ඇතුථ  රටවල්  කීපයකටම  මෙරට  පොල්  ආශ‍්‍රිත  නිර්මාණ  සඳහා  ඉතා  විශාල  ඉල්ලූමක්  ඇති  බව  ප‍්‍රකාශ  කළ  සභාපතිතුමා  ඉදිරි  කෙටි  කාලය  තුළ රුසියානු  වෙළඳ  පොළද  ජය  ගැනීමට    හැකි  වන  බව  ප‍්‍රකාශ  කලේය.

පොල්  වතුර  ඉතා  ශක්තිජනක  පානයක්  බවත්    විදේශ  රටවලින්  පොල්  වතුර  මිළදී  ගැනීමට  විශාල  ඉල්ලූමක්  පවතින  බවත්  ප‍්‍රකාශ  කළ  අරුණ  ගුණවර්ධන  මහතා  නවීන  තාක්ෂණය  හදුන්වාදෙමින්  විශේෂ  බැංකු  ණය  ක‍්‍රමවේදයන්  යටතේ    ව්‍යාපාරයන්  දියුණු  කිරීමට  ජනතාව  දිරි  ගැන්වීමේ  වැඩසටහන්  පෙළක්  ආරම්භ  කිරීමට  මේ  වන  විට  කටයුතු  සූදානම්  කොට  ඇතැයි  ද  ප‍්‍රකාශ  කළේය.

– වජිර කොඩිතුවක්කු



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad