චිරතු හිමියන්ගේ පැමිණීම වළකන්නට මුස්ලිම් කවුන්සිලයට අයිතියක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 27, 2014

චිරතු හිමියන්ගේ පැමිණීම වළකන්නට මුස්ලිම් කවුන්සිලයට අයිතියක් නෑ

http://ift.tt/eA8V8J

චිරතු හිමියන් මෙරටට වැඩම කරන්නේ නම් ඊට විරෝධය දක්වන්නට දැක්වීමට මුස්ලිම් කවුන්සිලයට සදාචාරාත්මක අයිතියක් නැතැයි හෙළ විජය ජාතික ව්‍යාපාරය පවසයි.

ව්‍යාපාරයේ සංවිධායක සමීර චන්ද්‍රසිරි විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බුද්ධශාසනයේ කේන්ද්‍රස්ථානයක් වන ලංකාව නැමති ඓතිහාසික බෞද්ධ රාජ්‍යයට පැමිණෙන බෞද්ධ නායකයින් පිළිබඳව ප්‍රකාශ නිකුත්කිරීමට මුස්ලිම් කවුන්සිලයට තබා බෞද්ධ නොවන කිසිඳු සංවිධානයකට හෝ ආයතනයකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැත. ඔවුන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ඔවුන් පය ගසා සිටින භූමිය සහ එහි ස්වරූපය පිළිබඳව නැවත උගත යුතුය.

මියන්මාරය සහ ලංකාව යනු ඓතිහාසික වශයෙන් සම්බන්ධතාවන් පැවැත්වූ සහෝදර රාජ්‍යයන් දෙකකි. මියන්මාරයේ ආගමික නායකයෙකු ලංකාවට සංචාරය සඳහා පැමිණීමට කිසිවෙකුගේ අවසරයක්, ආකල්පයක් අවශ්‍ය නොවේ. විරතු හිමියන් ගැන ප්‍රකාශ නිකුත් කිරීමට පෙර මද්රසා පාසල් වල ඉගැන්වීමට යැයි කියමින් පැවසෙන අන්තවාදී අයවළුන් පිළිබඳ සොයා බලා රටින් නෙරපන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ලිපි යොමු කර සිටින ලෙස මතක්කර දීමට කැමතිය.

සියල්ලටම පෙර තමන් පය ගසා සිටින්නේ බෞද්ධ රාජ්‍යයක බව සිහි තබාගත යුතුය. අන් අය පිළිබඳ සෙවීමට පෙර ලංකාව තුල වර්ධනය වෙමින් පවතින තමන්ගේ ආගමික නිකායන්ට අදාල අන්තවාදී ක්‍රියා පිළිබඳ අවධානයෙන් සිට සිය සමාජය ඉන් මුදාගන්නා ලෙස මුස්ලිම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු. ස්ලාම් අන්තවාදීන් දේශකයින් හට රජයේ පිට්ටනි වෙන් කරමින් වැඩසටහන් පැවැත්වීමට කිසිම බාධාවක් නොවූ ලංකාවේ ඓතිහාසික බෞද්ධ සම්බන්ධතා වලට හානි කරමින් ලංකාව ස්ලාමීය රාජ්‍යයක් සේ තකමින් මුස්ලිම් කවුන්සිලය සිදුකරන ලද ඉල්ලීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු.

සමීර චන්ද්‍රසිරි
හෙළවිජය ජාතික ව්‍යාපාරය



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad