“මට ඔහු ගැන කිසිදු වෛරයක් නැහැ” – නෙයිමාර් ද සිල්වා සිය අනතුර ගැන කඳුළු සලමින් කළ සංවේදී කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 13, 2014

“මට ඔහු ගැන කිසිදු වෛරයක් නැහැ” – නෙයිමාර් ද සිල්වා සිය අනතුර ගැන කඳුළු සලමින් කළ සංවේදී කතාව (VIDEO)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කොලොම්බියාව සමග පැවති තරගය අතරතුර තමන් මුහුණ දුන් අනතුර සම්බන්ධයෙන් බ්‍රසීල ක්‍රීඩක නෙයිමාර් ද සිල්වා අතිශය සංවේදී ලෙස අදහස් දැක්වීය.

ඒ, රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවති මාධ්‍ය හමුවකදී ය. එහිදී ඔහු කඳුළු සලමින් පැවසුවේ, සිය ජීවිතය රෝද පුටුවකට නොදමා යළි බේරා ගැනීම පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කරන බව ය.

යම් හෙයකින් පිටකොන්දේ ආබාධයට ලක්වූ ස්ථානයට සෙන්ටිමීටර් දෙක තුනක් එහායින් පිහිටි කොඳු ඇට පෙළට හානි සිදු වූවා නම් තමන් මේ අවස්ථාවේ රෝද පුටුවක සිටිනු ඇතැයි නෙයිමාර් පැවසීය.

නෙයිමාර් අනතුරට ලක්වූයේ, කොලොම්බියා ක්‍රීඩක යුවාන් සුන්ගියාගේ දණහිස පිටකොන්දේ වැදීමෙනි. මේ පිළිබඳව අදහස් දක්වමින්, නෙයිමාර් ද සිල්වා සඳහන් කළේ, සුන්ගියා තමන්ට අනතුරක් කිරීමට පැමිණි බව තමන් නොකියන බව ය.

එහෙත්, මෙවැනි තීරණාත්මක පාපන්දු තරගවලදී ඇතැම් ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායමෙහි ක්‍රීඩකයින් ආබාධයට ලක් කිරීමට උත්සහ කරන බව තමන් හොඳින් දන්නා බව ය.

එවැනි උත්සහයන්ට ද මුහුණ දෙමින් තරග කිරීමට තමන්ට හැකියාව ඇතත් පසුපසින් පැමිණෙන ආපදාවලින් ගැලවීමට කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාවක් නැතැයි නෙයිමාර් ද සිල්වා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, තමන් අනතුරට පත් කළ යුවාන් සුන්ගියා පිළිබඳව කිසිදු වෛරයක් හෝ තරහක් නොමැති බව ද එහිදී නෙයිමාර් අවධාරණය කළේ ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය වෙනුවෙන් නෙදර්ලන්තය සමග හෙට පැවැත්වෙන තරගයට නෙයිමාර් ද සිල්වා සහභාගි වීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad