2014 පාපන්දු ලෝක කුසලානය: රන් සපත්තුව සම්මානය සඳහා නිර්දේශිත නම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 13, 2014

2014 පාපන්දු ලෝක කුසලානය: රන් සපත්තුව සම්මානය සඳහා නිර්දේශිත නම්

ජාත්‍යන්තර පාපන්දු සම්ගම් සම්මේලනය 2014 පාපාන්දු ලෝක කුසලානයේ රන් සපත්තුව සම්මානය සඳහා තරගවැද සිටින ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එම ක්‍රීඩකයින් 10 දෙනා අතර ජර්මන් ක්‍රීඩකයින් 4දෙනෙකු, ආර්ජන්ටිනා ක්‍රීඩකයින් 3 දෙනෙකු, බ්‍රසීලයේ එක් ක්‍රීඩකයෙකු, එක් කොලොම්බියානු ක්‍රීඩකයෙකු සහ නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත් ව සිටින බව ය.

සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් 10 දෙනා මෙසේ ය.

තෝමස් මුලර් (ජර්මනිය
මාට්ස් හමල්ස්(ජර්මනිය)
ටෝනි ක්රූස් (ජර්මනිය)
ෆිලිප් ලාම් (ජර්මනිය)
ඒන්ජල් දි මාරියා (ආර්ජන්ටිනාව)
හාවියර් මස්චෙරානෝ (ආර්ජන්ටිනාව)
ලයනල් මෙසි (ආර්ජන්ටිනාව)
නෙයිමාර් (බ්‍රසීලය)
අර්ජෙන් රොබන් (නෙදර්ලන්තය)
ජේම්ස් රොඩ්‍රිගස් (කොලොම්බියාව)
ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුත් මෙම ලැයිස්තුව තෝරා ගනු ලැබ ඇත්තේ, ජාත්‍යන්තර පාපන්දු සම්ගම් සම්මේලනයයේ තාක්ෂණික අධ්‍යන කණ්ඩායමක් විසිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මොවුන් අතරින් ලයනල් මෙසිට සහ තෝමස් මුලර්ට ජයග්‍රහණය සඳහා ‍වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව ය. කෙසේ වෙතත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මෙම ලැයිස්තුවට ඇතුළත් ව නොමැත.

රන් සපත්තුව සම්මානය හිමි වන්නේ කාට ද? යන්න අද පැවැත්වෙන අවසන් මහා තරගයෙන් අනතුරුව නිවේදනය කරනු ඇති. 2014 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර පැවැත් වේ.

මීට පෙර පැවති පාපන්දු ලෝක කුසලාන තරගවලදී රන් පන්දුවට හිමිකම් කී ජයග්‍රාහකයින්

1982 පාපන්දු ලෝක කුසලානය – පවුලෝ රොසි (ඉතාලිය)
1986 පාපන්දු ලෝක කුසලානය – දියේගෝ මැරඩෝනා (ආර්ජන්ටිනාව)
1990 පාපන්දු ලෝක කුසලානය – සැල්වටෝර් ස්කිලාකි (ඉතාලිය)
1994 පාපන්දු ලෝක කුසලානය – රොමාරියෝ (බ්‍රසීලය)
1998 පාපන්දු ලෝක කුසලානය – රොනාල්ඩෝ (බ්‍රසීලය)
2002 පාපන්දු ලෝක කුසලානය – ඔලිවර් ඛාන් (ජර්මනිය)
2006 පාපන්දු ලෝක කුසලානය – සිනෙදින් සිදේන් (ප්‍රංශය)
2010 පාපන්දු ලෝක කුසලානය – දියේගෝ ෆෝලන් (උරුගුවේ)

No comments:

Post a Comment

Post Bottom Ad