ESPN නිරුවත් ඡායාරූප බලන්න (18+) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 13, 2014

ESPN නිරුවත් ඡායාරූප බලන්න (18+)

ESPN ක්‍රීඩා සගරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකගේ නිරුවත් සිරුරු දැක්වෙන ESPN සිරුරු ප‍‍්‍රකාශනයේ 6වන කලාපය ජුලි 11දා වෙළඳපොළට නිකුත් වූ අතර මෙවර සගරාවේ විශේෂත්වයක් වන්නේ ඒ සඳහා සුපිරි ටෙනිස් ක්‍‍්‍රීඩිකා වීනස් විලියම්ස්ද නිරුවත් වීමට තීරණය කර තිබීමයි.

මේ වසරේ සගරාව තුළ දැක්වෙන සුපිරි ඡායාරූපවලින් සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22කගේ නිරුවත් සිරුරුවලටත් ඒවායේ කාර්යභාරයටත් උත්තමාචාර පිදෙන බවත් 6වන වරටත් මෙම සුවිශේෂී කලාපය සාර්ථකව නිකුත් කිරීමට තම කණ්ඩායම සමත්වූ බවත් ESPN සගරාවේ කතෘ චැඕ මිල්මෑන් පවසා තිබේ.

මින් පෙර සුපිරි ටෙනිස් ක්‍රීඩිකා වීනස් විලියම්ස්ගේ සොයුරිය වන සෙරිනා විලියම්ස්ද ESPN සගරාව සඳහා නිරුවත් වී තිබේ.

පස් වරක් විම්බල්ඩන් කිරුළ දිනූ වීනස්ට අමතරව ඔලිම්පික් රන් පදක්කම් 18ක් දිනා ඇති පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්, සියැටල් සීහෝක්ස් කණ්ඩායමේ මාර්ෂෝන් ලින්ච්, ටෙක්සාස් රේන්ජර්ස්හි ප‍‍්‍රින්ස් ෆීල්ඩර්, ඔක්ලහෝමා සිටි තන්ඩර් ඉදිරිපෙළ ක්‍රීඩක සර්ජි ඉබාකාද මෙවර නිරූපණයට එක්ව ඇත.

සර්ෆින් ක්‍රීඩිකා කොකෝ හෝ සිය සුරූපී සිරුර ESPN සිරුරු ප‍‍්‍රකාශනය සඳහා අනාවරණය කර ඇති අතර ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී බොබ්ස්ලෙඩින් ක්‍රීඩිකා ආයා එවන්ස්, බාස්කට්බෝල් ක්‍රීඩිකා ඒන්ජල් මැක්කෝටි‍‍්‍රද මෙවර කලාපය හා එක්වී තිබේ.
















http://espn.go.com/video/clip?id=espn:9460617

No comments:

Post a Comment

Post Bottom Ad