බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා දෙවැනි මනාලිය ලෙස විවාහ මංගල උත්සවයකට සහභාගි වුණා.
ඇය මෙසේ දෙවැනි මනාලිය වුණේ පාසල් වියේ සිය හොඳම යෙහෙළිය වූ අමා අමරසිංහගේ විවාහ මංගල්‍යය සඳහායි.
පාසලේ පස් වැනි ශ්‍රේණියේ සිටම තම හොඳම යෙහෙළිය වූයේ අමා බව හිරුනිකා පවසනවා.
“පාසලේ 10 වසරේ ඉන්න කාලේ අපි දෙන්න පොරොන්දුවක් වුණා. ඒ මම මුලින් විවාහ වුණොත් අමා දෙවැනි මනමාලිය වෙන්නත් අමා මුලින් විවාහ වුණොත් මම දෙවැනි මනමාලිය වෙන්නත්..
අවසානයේ අමා මට කලින් විවාහ වුණා. ඉතින් මම එයාගෙ දෙවැනි මනමාලිය වුණා..” මේ ගැන විමසූ අයට හිරුනිකා එහෙම පවසා තිබුණා. අමා සහ හිරුනිකා දෙදෙනාම කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්.
අපට වාර්තා වෙන හැටියට මේ ලංකාවේ පළාත් සභාවක් නියෝජනය කරන මහජන නියෝජිතවරියක් විවාහ උත්සවයක දෙවැනි මනමාලිය වුණු මුල්ම අවස්ථාවයි.
Tuesday, July 15, 2014

හිරුනිකා දෙවැනි මනාලිය වෙයි
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment