කැලණිය ගෝනවල ලැඟුම්හලකදී සුරූපී කත අබිරහස්‌ ලෙස මියගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 7, 2014

කැලණිය ගෝනවල ලැඟුම්හලකදී සුරූපී කත අබිරහස්‌ ලෙස මියගිහින්

ගෝනවල ගල්ඒදණ්‌ඩ ප්‍රදේශයේ ලැගුම් හලක සේවය කළ සුරූපි කාන්තාවක්‌ එම අවන්හලේ කාමරයක්‌ තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ තිබෙන පුවතක් කැලණිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ කොළඹ සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තුවාන් ෆාතිමා නමැති 19 හැවිරිදි මුස්‌ලිම් කාන්තාවකි.

මෙම සුරූපිනිය එම අවන්හලේ විදුලි පංකාවක තිර ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන සිට ඇති අතර නිවසෙහි ස්‌ථාන කිහිපයකම ලේ පැල්ලම් හා
ඇය මිය යැමට පෙර අමානුෂිකව පහරදීම්වලට ලක්‌ව ඇති බව ද මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම අවන්හලේ විශාල ඝෝෂාකාරී බවක්‌ පැවතුන බව ද මෙම තරුණිය කෑගසන හඬ වරින්වර ඇසුන බව ද ප්‍රදේශවාසීහු පවසනවා.

මෙම සිද්ධිය වූ දින රාත්‍රියෙහි එම ලැඟුම්හල තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවන ලෙස ද මහෙස්‌ත්‍රත්වරයා පොලිසියට දැනුම් දුන් අතර, එම ලැඟුම්හල භාර අසංක අල්විස්‌ නමැති පුද්ගලයාගෙන් ද පොලිසිය කටඋත්තර ලබාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad