ජනමාධ්‍යවේදියකු වන ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා පැහැර ගෙන ගොස් අතවර කළේ යැයි කියන කාන්තා පොලිස් පරීක්ෂකවරිය මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ෂිකා විමලසිරි මෙනවිය විසින් මෙමස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය.
පසුගියදා ඉන්ද්‍රජිත් මහතා සිය නිවසේ බිරිඳ හා දරුවා සමග සිටිය දී පොලිස් පරීක්ෂකවරිය එහි පැමිණ ඇත.
වයස අවුරුදු හතරක් වයසැති දරුවාට පහර කිහිපයක් ගසා පිස්තෝලයක් එල්ල කර සිය බිරිඳ බිය ගන්වා පොලිස් පරීක්ෂකවරිය තමන් පැහැර ගෙන ගිය බව ඉන්ද්‍රජිත් මහතා පොලිසියට පවසා ඇත. හෝටලයක දී තමන්ට ඇය විසින් අතවර කළ බව ඉන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් පොලිසියට පැවසීය.
සිද්ධියේ සැකකාරිය මෙතෙක් දිනක් පොලිසියට කට්ටි පනිමින් සිට ඇත.
බ්‍රහස්පතින්දා (06) දහවල් නීතිඥවරයකුද සමග පැමිණ කඩවත පොලිසියට භාර වී තිබේ. අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් පොලිසිය ඇය මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත පමුණුවනු ලැබීය.
පෑලියගොඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරියක වන තිම්පු නෙල්කා ශිරෝමාලා නැමැති මෙම සැකකාරිය පෙබරවාරි 19 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
- Lakbima
Friday, February 7, 2014
පොලිස් පරික්ෂකවරිය මා පැහැරගෙන ගොස් අතවර කලා – ඉන්ද්‍රජිත් සුබසිංහ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment