පුතාගේ නම කපලා! පාලිත පාර්ලිමේන්තුවේ දී රනිල්ට ගහන්න පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 6, 2014

පුතාගේ නම කපලා! පාලිත පාර්ලිමේන්තුවේ දී රනිල්ට ගහන්න පනී

* රන්ජන්-ජෝන් බේරුමට එති
* පාලිතට විනය පරීක්ෂණයක්
* එජාපය ඇතුළේ අන්තිම කචල්

සිය පුතාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (5) පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පහර දීමට දෙවරක් උත්සාහ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා අර්බුදය තවදුරටත් උත්සන්න කැරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පහර දීමට උත්සාහ කිරීම හෙළාදකින බව එජාප මන්ත්‍රීවරු පැවසූහ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (5) උදේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තෙවරප්පෙරුම මහතා සිය පුත්‍රයාට නාමයෝජනා ලබා නොදීම ගැන වික්‍රමසිංහ මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

නාමයෝජනා පිළිබඳ මෙහිදී කතා නොකර නාමයෝජනා මණ්ඩලයෙන් විමසන ලෙස වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළවිට තෙවරප්පෙරුම මහතා පහරදීමට උත්සහ කර තිබේ. එහිදී ජෝන් අමරතුංග හා රන්ජන් රාමනායක මහත්වරු තෙවරප්පෙරුම මහතා අල්ලාගෙන පැත්තකට කර තිබේ.

මෙහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ. තෙවරප්පෙරුම මහතා අනවශ්‍ය ආකාරයට වික්‍රමසිංහ මහතාට හිරිහැර වන පරිදි මෙහිදී හැසිරී තිබේ. 

ඉතා අධික ලෙස බීමතින් සිටි තෙවරප්පෙරුම මහතාට නාමයෝජනා පිළිබඳ මෙහිදී කතා නොකරන ලෙස දැඩි ලෙස අවවාද කිරීමත් සමඟ පහරදීමට උත්සාහ දරා ඇතැයි එජාප මන්ත්‍රීවරයෙක් ‘දිනමිණ’ට කීය.

මතුගම ආසනයෙන් උදිත ඉලේපෙරුම හා ජගත් පින්නදූව විතාන යන දොඩන්ගොඩ හා මතුගම ප්‍රාදේශීය සභාවල විපක්ෂ නායකවරු දෙදෙනාට මෙවර පළාත් සභාව සඳහා තරග කිරීමට නාමයෝජනා ලබාදීම ගැන තෙවරප්පෙරුම මහතා විරෝධය පළ කර තිබේ. 

මෙහිදී තෙවරප්පෙරුම මහතා පරුෂවචනයෙන් ද වික්‍රමසිංහ මහතාට බැන වැදී තිබේ. එජාප මන්ත්‍රීවරු ගැටුම සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ. කණ්ඩායම් රැස්වීම අවසන් කර වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී පහරදීමට තැත් කළ බව මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මන්ත්‍රීවරු මැදිහත්වී වික්‍රමසිංහ මහතා ආරක්ෂා කාරීව පිටතට ගෙන තිබේ. පසුව පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ පසු වික්‍රමසිංහ මහතා කොළඹ ඉදිකිරීමක් පිළිබඳ රජයෙන් ප්‍රශ්නයක් නැගීය. එම අවස්ථාවේදී තෙවරප්පෙරුම මහතා ද සභාව තුළ සිටියේය. 

ප්‍රශ්නය සහිත ප්‍රකාශය කර සභාවෙන් පිටව යන අවස්ථාවේදී තෙවරප්පෙරුම මහතා යළිත් වරක් වික්‍රමසිංහ මහතාට පහරදීමට උත්සහ කර තිබේ. එහිදී ගයන්ත කරුණාතිලක මහතා වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කර ගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ දැඩි අප්‍රසාදය පළකරන එජාප මන්ත්‍රීවරු තෙවරප්පෙරුම මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබේ. මෙවැනි සිදුවීම් ඉදියේදී ඇති නොවීමට පියවර ගන්නා ලෙසද ඔවුන් දැඩි බලපෑමක් කරන බව වාර්තාවේ.

දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad