රස්තියාදුවීම් නැහැ - පෝලිම් නැහැ : මහනුවර ජාතික රෝහල තාක්ෂණය හරහා නව යුගයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 11, 2020

රස්තියාදුවීම් නැහැ - පෝලිම් නැහැ : මහනුවර ජාතික රෝහල තාක්ෂණය හරහා නව යුගයකට

රස්තියාදුවීම් නැහැ - පෝලිම් නැහැ : මහනුවර ජාතික රෝහල තාක්ෂණය හරහා නව යුගයකට

මහනුවර රෝහලේ සායන සඳහා පැමිණෙන සෑම රෝගියකුටම එම රෝගියාගේ ජිවන දත්ත ඇතුලත් ඩිජිටල් කාඩ්පතක් ලබා දීම හරහා රස්තියාදුවකින් තොරව වෛද්‍යවරයා මුණ ගැසීමටත් පෝලිමේ සිටීමකින් තොරව ඖෂධ ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගේ මග පෙන්වීම මත රෝහල් කාර්ය සැලසුම් ඒකකය මෙම නව වැඩපිළිවෙල හඳුන්වා දී තිබේ.

ඒ අනුව සායන සඳහා පැමිණෙන රෝගීන්ට සායනයට පැමිණීමට පෙර දින පැමිණිය යුතු නිශ්චිත වේලාව හා ස්ථානය පිළිබඳව කෙටි පණිවිඩයක් රෝගියාගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.

ඉන්පසු වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කොට ඒ අවස්ථාවේම රෝගියාට ලබා දිය යුතු ඖෂධ පරිගණකය මගින් ඖෂධ නිකුත් කරන ස්ථානය වෙත දැනුම් දෙනු ලැබේ. ඒ අනුව රෝගියාට රස්තියාදුවකින් තොරව සායනයට සහභාගි වීමටත් පෝලිමේ සිටිමෙන් තොරව ඖෂධ ලබා ගැනීමටත් හැකිව තිබේ.

මෙම වැඩපිළිවෙල හේතුවෙන් මහනුවර රෝහලේ සායනවල තදබදයක් දක්නට නොලැබෙන අතර රෝගියා තමන්ට දැනුම් දෙනු ලබන වෙලාවට පැමිණීම මත රස්තියාදුවකින් තොරව වෛද්‍යවරයා මුණ ගැසී බෙහෙත් නිර්දේශ කර ගැනීමටත් පෝලිමේ සිටිමින් තොරව බෙහෙත් ලබා ගැනීමට හැකිව තිබේ. ඒ සමඟම රෝහලේ ඇතැම් සේවකයින් රෝගීන්ගෙන් මුදල් ලබාගෙන සපයන අයථා සේවාවක්ද නතර වී තිබේ.

තාක්ෂණය උපයෝගී කරගෙන මහනුවර ජාතික රෝහලේ ලබා දී තිබෙන මෙම ආදර්ශය රටේ අන් රෝහල් සදහා හඳුන්වා දෙනු ලැබීම ජනතාවගේ   බලාපොරොත්තුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad