පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි !

නුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ (ලොකු මල්ලි) හෙවත් එස්.එෆ්. ලොක්කා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (5 ) ඝාතනය කර ඇත්තේ කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් බව වාර්තා වනවා.

ඊයේ දවල් 12.30ට පමණ කළු පැහැති කබාවලින් සහ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හිස් වැසුම් සහ මුහුණු ආවරණ පැලඳ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගමන් ගත් එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියට කිසිදු අනතුරක් සිදුවී නැති වීම විශේෂත්වයක්.

ඉරෝන් රණසිංහ නමැති මියගිය අය අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් පසුව පෙම්වතිය දහයියාගම හන්දියේ වෙළෙඳසලකින් එළවළු මිලදී ගෙන නිවස වෙත ගමන් ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයේ වේගය අඩු කරනවාත් සමගම යතුරුපැදිය ​මෝටර් රථයේ රියැදුරු අසුන අසලටම ළංකොට වෙඩි තබා තිබුණා.

තුවාලකරු අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති අතර වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදියෙන්ම අනුරාධපුර අභය මාවත ඔස්සේ නගරය දෙසට පලා ගොස් තිබෙන බව වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad