ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පොලිස් භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇති අතර ඡන්දය ගණන් කිරීම සම්බන්ධයෙන් හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් පස්දෙනෙකුගෙන් යුත් ජංගම මුර සංචාර කණ්ඩායම් 3,069ක් දිවයින පුරා ක්‍රියාත්මක අතර මාර්ග බාධක 269 ක් දිවයින පුරා ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad