හිරෙන් පැන්න බළලා යළිත් අල්ලා ගනී – ඇල්ලූ නිලධාරියාට ලැබෙන දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

හිරෙන් පැන්න බළලා යළිත් අල්ලා ගනී – ඇල්ලූ නිලධාරියාට ලැබෙන දේ මෙන්න

න්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය පූසා නැවත සොයාගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙම පූසා සොයාගෙන ඇත්තේ බන්ධනාගාරය අවට සැරිසරමින් සිටියදී.

හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම්කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ්පතක් ඉටිකවරයක බහා මෙම පූසාගේ ගෙලෙහි බැඳ තිබියදී පසුගිය 1 වැනිදා (සෙනසුරාදා) මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී මෙම පූසා අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරයේ කාමරයක රඳවා සිටියදී මෙම පූසා අතුරුදන් වුණා.

ඊයේ (4 ) බන්ධනාගාරය අවටින් පූසා සොයාගත්තේ ඉන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය සමග පසුගිය 1 වැනිදා මෙම පූසා අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියා ඇගයීමට ලක්කිරීමට බන්ධනාගාර මූලස්ථානය මේ වන විට පියවර ගෙන තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad