ප්‍රතිපල පිටවූ විගස ජාතික ආණ්ඩුවක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

ප්‍රතිපල පිටවූ විගස ජාතික ආණ්ඩුවක් !

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

යාපනය දිස්ත්‍රික්කයේ දී තනිව තරග වදින ඊපීඩීපී පක්ෂය සමග සන්ධානගත වීමෙන් මෙම ජාතික ආණ්ඩුව පිහිටවනු ඇතැයි එම පක්‍ෂ නියෝජිතයන් යාපනයේ සිය මැතිවරණ ව්‍යාපාරයේදී සදහන් කර ඇතිබෙනවා.

ඩග්ලස් දේවානන්දා මහතා මැතිවරණය ජයගත් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක් වීමට නියමිතව තිබුණා.

19 ව්‍යවස්ථාව සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ප‍්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂය පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම පක්ෂයක් සමග සන්ධානගත වීම ජාතික ආණ්ඩුවක් ලෙස සැලකෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad