එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම්

එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම්

එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමට සැලසුම් සකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී සහල් බවට පත් කර ලංකා සතොස අළෙවිසැල් හරහා වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

No comments:

Post a Comment

Post Bottom Ad