මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි

මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි

වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි අද (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ.

කටඋත්තරයක් ලබාගැනීම සඳහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැමිණෙන්නැයි තමාට දුරකථනයෙන් දැනුම් දුන් නමුත් හදිසියේම තමාට එන්නට නොහැකි බව කී පසු හෙට දිනයේ පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තු නිලධාරින් නැවත දැනුම් දුන්නේ යැයි විතාරණ මහත්මිය පුවත්පතකට පැවැසීය.

තමා කැඳවීමට හේතුව විමසූ විට කටඋත්තරයක් ලබාගැනීමට යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවැසී යැයි ද ඇය කීවාය.

No comments:

Post a Comment

Post Bottom Ad