පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි - ඒ වෙනුවට ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක තනතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි - ඒ වෙනුවට ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක තනතුරක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

සියලුම ආරක්ෂක තොරතුරු දැනුම් දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කෙරෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව නව ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කෙරෙනු ඇති බවයි අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවේ. 

ඒ අනුව පෙරේදා (27) දිනයේ පටන් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ සේවා කටයුතු අත්හිටුවා ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර දැරූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට ද පොලිස් කොමිසම තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad