‘වෙන පක්‍ෂයක් හදන්න බෑ’ – සජිත් පිල අලි අමාරුවක දමමින් සජිත් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

‘වෙන පක්‍ෂයක් හදන්න බෑ’ – සජිත් පිල අලි අමාරුවක දමමින් සජිත් කියයි

ව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා තමන් කිසිසේත්ම සූදානම් නැති බව එක්සත් ජාතික පෙරමුණේ පරාජිත ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ විපක්ෂ නායකධූරය නොලැබෙන්නේ නම් වෙනත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළයුතු බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශ්වයෙන් පැමිණි යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

නමුත් පවතින තත්ත්වය තුළ පාක්ෂිකයා රඳවා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය බලාපොරොත්තු වෙන බවත් එනිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන ඉන්නම් වෙනත් පක්ෂයක් ඇරඹීමට මේ අවස්ථාව ඉතා සුදුසු බව ඔවුන්ගේ අදහස වී ඇත.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ තමන් මේ දිනවල විවේකීව කටයුතු කරන නිසා ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙන්නේ නම් තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad