‘ගෝඨාභය හදුනනවා’ කියා වංචා කලොත් දඬුවම්.. ක‍්‍රමවේදයෙන් පිට කිසි කාර්යක් නෑ - ජනපතිගෙන් තද දැනුම් දීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

‘ගෝඨාභය හදුනනවා’ කියා වංචා කලොත් දඬුවම්.. ක‍්‍රමවේදයෙන් පිට කිසි කාර්යක් නෑ - ජනපතිගෙන් තද දැනුම් දීමක්

නාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතී.

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසති.

මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා දැන ගැනීමට ඇත.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම ය.

පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා එතුමා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට කාරුණිකව දැනුම් දෙයි.

ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගනු ලැබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad