පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ඊයේ (28) රැස්වූ ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පුවත්පතකට පවසා ඇත.

දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටද පොලිස් කොමිසම ඊයේ තීන්දු  කළේය.

රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. ඒ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විදේශගතවීමෙන් පසුවය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්ථීරවම පත්කරනු ලැබුවේ 2015 මාර්තු මාසයේ දී පමණ බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

පොලිස් කොමිසන් සභාවේ ලේකම්වරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ද ඔහු ඒ බව තහවුරු කළේය.

70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන සම්බන්ධතා කොට්ඨාසය ආරම්භ කළ අතර ඉන්පසු 90 දශකයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඇතිකරනු ලැබීය.

2015 අවුරුද්දේදී පොලිස් මාධ්‍ය ඒකකය පොලිස් මාධ්‍ය කොට්ඨාසයක් ලෙස ගැසට් කිරීමට එවකට පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad