පෙරේදා දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනාටත් රාජ්‍ය අමාත්‍ය ධුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

පෙරේදා දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනාටත් රාජ්‍ය අමාත්‍ය ධුර

පෙරේදා දිනයේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් නිමල් ලංසා, කාංචන විජේසේකර සහ ඉන්දික අනුරුධ යන මහත්වරුන් ඊයේ (28) දිනයේදී යළි රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කර තිබේ. 

ඒ අනුව, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් නිමල් ලංසා මහතා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. 

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී සිටි කාංචන විජේසේකර මහතාව පත් කර ඇත්තේ තේ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad