ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති

වුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (25 දා) පැවසූහ.

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්‍ෂණයක් සිදුව නැති බව සඳහන් කළ උන්වහන්සේ ජනාධිපති කොමිසමක් හරහා සියලූ සත්‍ය රට හමුවේ අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පැවසූහ.

ෂාෆි වෛiවරයා සම්බන්ධ පරීක්‍ෂණවලදී ඉතාමත් අගතිගාමී ලෙස ක‍්‍රියාකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පැන ගොස් ඇති බවත් එහි සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන් ද රටින් පලා යෑමට පෙර ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් රතන හිමියෝ කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම වැළැක්වීමට පැවැති රජයේ ඉහළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් කටයුතු කළ බව පැවසූ රතන හිමියෝ මෙහි සත්‍ය අනාවරණය කර ගැනීමෙන් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බොහෝ සිදුවීම්වල සත්‍ය අනාවරණය වනු ඇති බව සඳහන් කළහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළේ වෛi ෂාෆි ෂිහාබ්දීන් නිදහස් කර මේ මහා අපරාධය රටට හෙළි කළ මාධ්‍යවේදීන් සහ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් වූ වෛiවරුන්, නීතිඥයන් සහ භික්ෂුන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ කිරීම බව ද රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad