"ජයග්‍රහණයට පියවරු ගොඩයි - පරාජය අවජාතකයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

"ජයග්‍රහණයට පියවරු ගොඩයි - පරාජය අවජාතකයි"

ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීමෙන් පලක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (25) සිරිකොතදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා වැඩිදුටත් ප්‍රකාශ කළේ පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් බෞද්ධාගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශද පරාජය කෙරෙහි තදින් බලපෑ බවයි.

මැතිවරණයේ දී තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු මැති ඇමතිවරු මෙන්ම ප්‍රාදේශීය නායක නායිකාවන් වැඩ කළ බවත් අකිල විරාජ් මහතා පැවසීය.

එනිසා කිසිවෙකුට එයට ඇඟිල්ල දික් කර නොහැකි බවද පැවසු මන්ත්‍රීවරයා, සිරිකොත මුලස්ථානයේ සිටින සියලු දෙනා දිවා රෑ නොබලා වෙහෙසු බවත් කියා සිටියේය.

රැස්වීම් 150 කට වැඩි ප්‍රමාණයක් කළ බවත්, ඒ සඳහා උපරිම කැපවීමෙන් සියලු දෙනා වැඩකළ බවත් පැවසු අකිල විරාජ් කාරියවසම් මහතා, “ජයග්‍රහණයට පියවරු ගොඩයි-පරාජය අවජාතකයි“ යනුවෙන් ද පැවසීය.

එනිසා පරාජය වු පසු විවිධ දේ පවසනවා වුවත් යම් යම් හේතු මත ජයග්‍රහණය නොලැබී ගිය බවත් පැවසු ඒ මහතා, බෞද්ධ පදනම ආරක්ෂා කරමින් කටයුතු කළත් යම් අවස්ථාවල දී ඒවාට බාධා ඇති වු බවත් කියා සිටියේය.

සමහර දේශපාලන නායකයින්ගේ ප්‍රකාශ නිසා එම පදනම දෙදරා ගිය බවත් පැවසු අකිල විරාජ් මහතා, ඇඟිල්ල දිකු කරන අයට තමන්ගේ පැත්තටත් ඇඟිලි ගණනාවක් දික්වන බවත් සඳහන් කළේය.

තමන් කණ්ණාඩියක් ළඟට ගොස් බැලීමේ දී මෙම තත්ත්වය දැක ගත හැකි බවත්, තම ආසනය තුළින් වුවත් ඒ ගැන පෙනී යන බවත් එනිසා පුද්ගලයින්ට චෝදනා කිරීම සුදුසු දෙයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය

No comments:

Post a Comment

Post Bottom Ad