ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ තාවකාලික නායකයා වන දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරග දෙකක තහනමක් පනවනු ලැබ තිබේ. බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තහනම පනවා තිබේ.
චන්දිමාල් තහනමකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(12 වැනිදා) පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇත. නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 16 ක් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩයක් පනවන ලද අතර නායකයා වූ හෙයින් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන ලදි.
මේ හේතුවෙන් චන්දිමාල්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය (12 වැනිදා) මෙන්ම සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද මඟහැරී යනු ඇත. ශ්‍රී ලංකා නායකයාට පමණක් නොව බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් සහ බංග්ලාදේශ කණ්ඩායමද දඩ මුදලකට යටත්ව සිටිති. නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර 20 න් එකක් අඩුව යැවීම හේතුවෙන් මහමදුල්ලාගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කළ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ගේ තරග මුදලින් 10% ක දඩමුදලක් නියම කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අනුව ඉදිරි මාස 12 ක කාලය චන්දිමාල්ට අසීරු කාලයකි. චන්දිමාල් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරි මාස 12 ක කාලය ඇතුළත මෙවැනිම වරදකට යොමු වුවහොත් ඔහුට දඩ ලකුණු 2 සිට 8 දක්වා ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනු ඇත. චන්දිමාල්ට දැනටමත් තරග දෙකක් තහනම් වී ඇත්තේ දඩ ලකුණු 2 කට මුහුණ දී ඇති බැවිනි.
Monday, March 12, 2018
චන්දිමාල්ට නායකත්වය අහිමිවෙද්දී බංගලාදේශ නායකයාට ICC යෙන් දඩ..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment