කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා තෙල්දෙණියේ කලබල මහනුවරට පොලිස් ඇදිරි නීතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 5, 2018

කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා තෙල්දෙණියේ කලබල මහනුවරට පොලිස් ඇදිරි නීතිය


කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා
තෙල්දෙණියේ කලබල

මහනුවරට පොලිස් ඇදිරි නීතිය


මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.හෙට(06) පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකය.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් මෙයට මුල් විය.
මේ හේතුවෙන් අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇත.

පසුගිය පෙබරවාරි 22 වන දින තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වූ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුවී පහරකෑමට ලක්වූ තැනැත්තා ඊයේ මහනුවර රෝහලේදී පාන්දර (04) දා මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ
තෙල්දෙණිය, මොරගහමුල, පුවක් ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි හීපිටියේ ගෙදර කුමාරසිංහ නම් 42 හැවිරිදි අයෙක්.

එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදුන් බව සහ මාර්ගය අවහිර කර ඇති බවට සඳහන් කරමින් ත්‍රීරෝද රථයක සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරදෙනාම එදිනම පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිව් දෙනාම ලබන මාර්තු 07දා දක්වා බන්ධනාගාරගත කර ඇත.


මේ අතර  ඝාතනයට ලක්වූ පුද්ගලයා සිංහල පුද්ගලයෙක් වීමත්, පහර දුන් පුද්ගලයන් සිව් දෙනා මුස්ලිම් ජාතිකයන් වන බවටත් සඳහන් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශයෙන් පිට පිරිසක් පැමිණ තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් කඩයක් ගිනි බත් කොට ඇත.

එයින් පසුව පොලිසිය විසින් පුද්ගලයන් 24ක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් 10දෙනෙක් සෘජුවම මෙම ගිනි තැබීමට සම්බන්ධ බව වාර්තා විය.
එම සිදුවීමෙන් පසු අත් අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනා පොලිස් අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට  තෙල්දෙණියේ පොලිසිය අසල අද කලබල වාර්තා වූ අතර පොලිසිය ජනතාව විසිරුවාහැරීමට කදුළු ගෑස් භාවිත කර තිබිණි..











No comments:

Post a Comment

Post Bottom Ad