සවස මහනුවර ගිය ජනපති ද්වී ආගමික නායකයින් හා ක්‍රියාදරයින් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

සවස මහනුවර ගිය ජනපති ද්වී ආගමික නායකයින් හා ක්‍රියාදරයින් හමුවේ


මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

මේ අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගාමික නායකයෝ, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.

“අද දවස වන විට මහනුවර දිස්ත්‍රික්කයේත් ඉන්

පිටස්තර ප්‍රදේශවලත් ඇති වී තිබෙන අපේ ජාතික සමගිය බිද වැටීමේ අපේ ගැටුම් සහගත අවසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපේ අනුනානයක හාමුදුරුවනේ රජය විදිහට මීට දින තුනක සිට රජය පැත්තෙන් ගන්න පුලුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා කියලා කියන්න පුුලුවන්. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෞරවනීය පුජනීය මහා සංඝරත්නය විසින් විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශය තුල වැඩවසන ඔබවහන්සේලාගේ අනුශාසාන අවවාද මහනුවර ප්‍රදේශයට විතරක් නෙවේ. අපිට රට වශයෙන්ම වැදගත් වෙනවා.

මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ. මහජනයාට සියලු පාර්ශවවලට අදහස් දෙන එක අපි කොහොමද සන්සුන්ව ඉන්නේ සාමය ආරක්ෂා කරගන්නේ කියන කාරණය තමයි ඒ සදහා අපි හැම කෙනෙක්ම කැපවෙන්න ඕනේ”

No comments:

Post a Comment

Post Bottom Ad