දිගනදී පොලීසියෙන් අඩු පාඩු සිදුවුණා – අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

දිගනදී පොලීසියෙන් අඩු පාඩු සිදුවුණා – අගමැති


තෙල්දෙණියේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අදාළව පොලීසිය මගින් යම් යම් අඩුපාඩු සිදුවූ බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී

අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදි මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්නට උපදෙස් නුවත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

එසේම මෙම ගැටුම් හේතුවෙන් විනාශ වූ ආගමික ස්ථාන නැවත යථා තත්ත්වයට පත්කිරීම හා ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad