විවාහයට අවශ්‍ය නිසා මෙගන් හදිසියේ රහසින් ආගම මාරු කරගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 8, 2018

විවාහයට අවශ්‍ය නිසා මෙගන් හදිසියේ රහසින් ආගම මාරු කරගෙන


ලබන මැයි මස 18 වන දින එංගලන්තයේ පවත්වන්නට නියමිත හැරී-මෙගන් රාජකීය මංගල්‍යයට පෙර බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සම්ප්‍රදායික අවශ්‍යතාවයට අවනත වෙමින් ඇමරිකානු නිළි මෙගන් මාර්කල් සිය ආගම වෙනස්කරගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා සවස මිනිත්තු 45 කට

පමණ සීමාවූ කෙටි අවස්ථාවකදී එංගලන්ත පල්ලියේදී ඇය බැප්ටිස්ට් ආගමට වැළඳගත් බව ඩේල්මේල් පුවත්පත වාර්තා කර තිබේ.

ඇයගේ පියා තෝමස් මාර්කල් ඇමරිකාවේ එපිස්කොපල් පල්ලියේ සාමාජිකයෙකු හා ඇන්ග්ලිකන් ලබ්දිකයෙකු වශයෙන් සිටි බවත් මව ප්‍රොතෙස්තන්ත්‍ර ආගම අදහන්නියක බවත් විස්තර විය.කෙසේ වෙතත් මින් පෙර දික්කසාදයක්ද ලබා සිටින ඇමරිකානු නිළි මෙගන් නිශ්චිත ලෙස ආගමක් අදහමින් සිටියේ නැති බව වාර්තා විය. ඇතැම් වාර්තා වලින් කියැවුනේ ඇය  මව අනුගමනය කරමින් ප්‍රොතෙස්තන්ත්‍ර ආගම අදහමින් එම පාසලක ඉගෙනුම ලැබූ බවත් මුල් සැමියා වූ යුදෙව් ජාතිකයාගේ ආගමකට මාරු වුනේ නැති බවත්ය.
බ්‍රිතාන්‍ය රාජකීය මංගල්‍යයක් පල්ලියක සිදු කිරීමේදී පල්ලියේ ප්‍රධානී ලෙස බ්‍රිතාන්‍ය රැජිණිය පෙනී සිටිය යුතු වීමත් එම පල්ලියට අයත් බැප්ටිස්ට් ආගම අදහනිනයකගේ විවාහයට පමණක් සම්බන්ධවීමට ඇති හැකියාව නිසා මෙගන් මෙම වෙනස්කම සිදුකරගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad