ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම් - තානාපතිගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම් - තානාපතිගෙන් උපදෙස්


ශ්‍රී ලංකාව තුළ සිටින ඇමරිකානු පුරවැසියන්ට එක්සත් ජනපද රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවත් මෙම තත්ත්වයත් සමග ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් එරට රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ශ්‍රී ලාංකීය මාධ්‍ය වෙත නිරන්තර අවධානයෙන් පසුවන ලෙසට ද එම නිවේදනයේ සඳහන්.
-----------------------

ඊට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. එම නිවේදනය වැඩිදුරටත් මෙසේය.

"නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාව සාමයට මෙන්ම සහජීවනයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. මානව හිමිකම් මෙන්ම, සියලු පාර්ශ්වවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත."

ඇමරිකාව පුරවැසියන්ට යොමුකළ නිවේදනය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad