මැණික්හින්නේ පල්ලියට ගහන්න ඇවිත් ඇල්ලූ තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

මැණික්හින්නේ පල්ලියට ගහන්න ඇවිත් ඇල්ලූ තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබියදී ඊයේ මැණික්හින්නේ පල්ලියක් අසළ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ
සාමාජිකයන් බව වාර්තා වේ.


ඉන් එක් අයෙකු මේවනවිටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යෙදෙන්නෙකු බවත් අනෙක් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයෙකු හා හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බව පැවසේ.

ඊයේ(06) රාත්‍රියේත් පුද්ගලයන් 400 ක පමණ කණ්ඩායමක් මැණික් හින්න ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත් හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් පොලීසිය සඳහන් කරයි.
මෙහිදී පිරිස විසුරුවා හරින්නට පොලිසිය අහසට වෙඩි තැබූ බවද වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad