ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා තමා මරන්න හැදුවයි බිරිඳගෙන් පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා තමා මරන්න හැදුවයි බිරිඳගෙන් පැමිණිල්ලක්


ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි තමාව ඝාතනය කරන්න උත්සාහ කළැයි පවසමින් ඔහුගේ බිරිය හසින් ජහාන් එරට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විවාහයෙන් එක් දියණියකද සිටින මෙම පවුලේ ප්‍රශ්නය මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ප්‍රධාන ධාරාවේ කථාබහට ලක්ව තිබෙන්නකි.
මෙම සියල්ල ඇරඹෙන්නේ මීට ටික දිනකට

පෙර ෂාමිට අනියම් සබඳතා ඇතැයි කියමින් ඔහුගේ බිරිය සමාජ ජාලා වෙත මුදාහැරිය ඡායාරූපයකිනි.

එම ඡායාරූපයේ ෂාමි සහ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක චැට් කිරීමක සටහනක් අඩංගුව තිබිණි.
පසුව ඇය පවසා ඇත්තේ මෙම පවුලේ ප්‍රශ්නය මත තමාට පහරදීමට ඔහු උත්සාහ කරන බවත් ෂාමිගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවත්ය.
ෂාමිගේ සහෝදරයෙකු තමාව දුෂණයට උත්සාහ කළ බවද ඇය පැමිණිල්ලේ දක්වා ඇත.

කොල්කටා ජාජව්පූර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පොලීසිය මේ වනවිට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවත් එය ගැන කථාකරන්නට නොකැමති බවත් ෂාමි පවසා ඇත.






No comments:

Post a Comment

Post Bottom Ad