දියණිය ගැබිනියක් කළ වැලිමඩ නරුම පියෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 13, 2018

දියණිය ගැබිනියක් කළ වැලිමඩ නරුම පියෙක් අත්අඩංගුවට

තම දහතුන් හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇය ගැබිණියක් බවට පත්කළ පුද්ගලයකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 අදාළ

දැරියට බඩේ අමාරුවක් සෑදී වැලිමඩ රෝහලට  ඇතුළත් කළ පසු සිදුකරන ලද පරීක්ෂණ වලදී දැය ගැබියක් බව හෙළිව තිබේ. පසුව මේ පිළිබදව රෝහල මගින් වැලිමඩ පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනයකදී දැරිය තම පියා අතින් ලිංගික අතවරයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.

 තවද මෙම සිද්ධි හෙළිකළහොත් තමන් මරා දමන බවට තර්ජනය කළ බැව් ඇය පොලිසියට පවසා ඇති අතර ඇගේ මවද මේ සම්බන්ධව කිසි දෙයක් දැන සිට නොමැත. 43 හැවිරිදි සැකකරු හට අවුරුදු දෙකක දැරියක් සහ වයස අවුරුදු දහසයක සහ දහයක පිරිමි දරුවන් දෙදෙනකුද සිටියි. සිද්ධිය සමිබන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

No comments:

Post a Comment

Post Bottom Ad