බංග්ලාදේශය භාර ගන්න බෑ - පෝල් ෆ්‍රාබේස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 14, 2018

බංග්ලාදේශය භාර ගන්න බෑ - පෝල් ෆ්‍රාබේස්


බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගන්නා ලෙසට එංගලන්ත සහාය පුහුණුකාර ධුරය දරන පෝල් ෆ්‍රාබේස් කළ යෝජනාව පෝල් ඉවත දමා ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශය අත්හැර නොමැති බවත් පැවසේ.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුරින් ඉවත්වීමත් සමග එම පුහුණුකරු ධුරය හිස්ව තිබේ.
ෆ්‍රාබේස් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරද හෙබවූ අතර ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය ජයගන්නේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේය.
කෙසේ වෙතත් පසුව ඔහු ශ්‍රී ලංකාව අතහැර එංගලන්ත ඇරයුම බාරගමින් එංගලන්තයේ සහාය පුහුණුකරු තනතුර බාරගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad