රමිත්ගේ ඩ්‍රයිවින් ලයිසන් එකට ටික දවසකට තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 13, 2018

රමිත්ගේ ඩ්‍රයිවින් ලයිසන් එකට ටික දවසකට තහනමක්

පසුගිය සිකුරාදා නාවල ප්‍රදේශයේදී  බීමතින් රිය පදවා මෝටර් සයිකලයක් අනතුරට ලක් කළ මන්ත‍්‍රී
කෙහෙළිය රඹුක්වැල්ලගේ

පුත් රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන්නට  කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.
රමිත් රඹුක්වැල්ල මෙම අනතුර අවස්ථාවේ විවෘත විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා පහරදීමේ චෝදනාවට ලක්වූ නමුත් පසුව එවැන්නක් නොකළ බව කියමින් එම සිසුන් පැමිණිල්ල ඉවත් කරගෙන තිබුණි.
අනතුරුව පොලිස් ඇප මත සිටි රමිත් රඹුක්වැල්ලට එරෙහිව රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක් අද පැවරුණ නඩුවේදී මෙම තීරණය ප්‍රකාශ විය.
මින් ඉහත අවස්ථාවකත් ඔහුගේ රියදුරු බලපත තාවකාලික තහනමකට ලක්වූයේ නෙළුම් පොකුණ අසළ පොදු දේපළට හානි කරමින් බීමතින් රථය පැදවූ වරදකටය.

No comments:

Post a Comment

Post Bottom Ad