බෝගහවත්තෙදි ලොරි රථයක් ප්‍රපාතයට 3 කට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

බෝගහවත්තෙදි ලොරි රථයක් ප්‍රපාතයට 3 කට තුවාල

තලවාකැලේ-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ, බෝගහවත්ත, “ක්වීන්ස්බෙරි” ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී 10.00 ට පමණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවත ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බව දිඹුල-පතන පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගතවී

ප්‍රතිකාර ලබා ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.
බලපත්‍රයක් නොමැතිව නුවරඑළිය ප්‍රදේශයට ගොම ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. අනතුරට පත්වන අවස්ථාවේ ලොරියේ ගමන් කරමින් සිටි පිරිස බීමතින් සිටි බවට ක්වීන්ස්බෙරි තේ වතුයායේ කම්කරුවන් පැවසූහ. අනතුර සම්බන්ධයෙන්   දිඹුල-පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)








No comments:

Post a Comment

Post Bottom Ad