මහරගමටත් ජාතිවාදය ගෙනෙමුයි කී ‘සිංහලේ අපි‘ ඇඩ්මින් 16 සිසුවා ළමා කඳවුරකට, අම්මලා තාත්තලා අධිකරණයේ හඬති! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

මහරගමටත් ජාතිවාදය ගෙනෙමුයි කී ‘සිංහලේ අපි‘ ඇඩ්මින් 16 සිසුවා ළමා කඳවුරකට, අම්මලා තාත්තලා අධිකරණයේ හඬති!

හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා වෙබ් පිටුවක් මගින් තොරතුරු ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දහසය හැවිරිදි පාසල් සිසුවකු ලබන 22 වැනිදා තෙක් රැඳවුම් භාරයේ මාකොල ළමා රැඳවුම් කදවුරේ රඳවා තබන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ආර්. බණ්ඩාර මහතා ඊයේ (09) නියෝග කළේය.


තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවීම මූලික කරගනිමීන්  ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණ ඇතිව ‘සිංහලේ අපි‘ නමින් ෆේස් බුක් පිටුවක් හා සාමාජිකයින් 256ක් ඇතුළත් වට්ස් ඇප් කාණ්ඩයක් ඔස්සේ මෙම අසත්‍ය ප්‍රචාර ඔහු විසින් ගෙනගොස් ඇති බව හෙළිව ඇත. හෝමාගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු වූ ඔහු 
 මහරගම ප්‍රදේශයේදී මෙවැනි ජාතිවාදි ගැටුමක් නිර්මාණය කිරීමට යැයි පවසා මෙම කණ්ඩායම් පෙළඹවීමටද   කටයුතු කර ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම සැකකරු 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 06 වන වගන්තිය සමග කියැවෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්ති ප්‍රකාරව් වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව මෙම සැකකරු ලබන 22 වැනිදා තෙක් රැඳවුම් භාරයේ මාකොල ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලෙසට අධිකරණයය නියෝග කළේය. මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැපීමෙන් පසු සැකකාර පාසල් සිසුවා රැදවුම් භාරයේ මාකොළට යොමු කරද්දී පාසල් සිසුවාගේ මව සහ පියා ඇතුළු ඥාතීන් මෙන්ම පාසල් සිසුවාද හඩා වැලපුණු බව අධිකරණ වාර්තාකරු දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad