අවුරුදු 15 සම්පූර්ණ වූවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 5, 2018

අවුරුදු 15 සම්පූර්ණ වූවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙයි


ස අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව පවසයි.
මීන් පෙර ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සීමාව අවුරුදු 16 සම්පූර්ණ කළ යුතු වූ බැවින් අ.‍පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකි වු බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන පසුගිය වසරේ සිට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමා අඩු කළ බව එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් 11 ශ්‍රේණියට ඇතුළු වන සියලුම සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට හැකිවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සියලු සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි බවත් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad