ඊයේ රෑ 12.30ට කොල්ලුපිටියේ පල්ලිය ඉදිරිපිටට එක්වූ මුස්ලිම් ප්‍රජාව දැක්වූ විරෝධය (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

ඊයේ රෑ 12.30ට කොල්ලුපිටියේ පල්ලිය ඉදිරිපිටට එක්වූ මුස්ලිම් ප්‍රජාව දැක්වූ විරෝධය (වීඩියෝ)


ඊයේ රෑ 12.30ට කොල්ලුපිටියේ පල්ලිය ඉදිරිපිටට එක්වූ මුස්ලිම් ප්‍රජාව දැක්වූ විරෝධය (වීඩියෝ)

තමන්ගේ ජාතියට අයත් පිරිස් වෙනුවෙන් සාමය ආරක්ෂා කර දෙන ලෙසත් මහනුවරදී විශාල පිරිසක් පැමිණ නැවත කරදරයක් කරන්නට ආවොත් කරකියාගන්නට දෙයක් නැතිව අසරණ තත්වයට පත්වන බවත් දක්වමින් ඊයේ මහනුවරට ඇදිරි නීතිය දැමූ අවස්ථාවේ කොළඹ කොල්ලුපිටියේ මුස්ලිම් පල්ලිය ඉදිරිපිටට රැස්වූ මුස්ලිම් ප්‍රජාව අරලිය ගහ මන්දිරය දෙසට ගමන් කරමින්
රජයට සිය ඉල්ලීම් ඉදිරිපත් කර සිටියා.

මේ වනවිට සමාජයේ සිදුවන දේවල් හසුරුවන්නට නායකත්වයක් නැති බව පෙන්වා දුන් ඔවුන් දිගින් දිගටම සිදුවන පීඩාවන් වෙනුවෙන් ක්‍රියාකොට  ආරක්ෂාව ඇති කර දෙන ලෙසද ඉල්ලා සිටියා.

මේ අතර මෙම උද්ඝෝෂණයෙන් පසුව
මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදු කර ඇති බවට වාර්තා පළවේ.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

පල්ලිය ඉදිරිපිටදී සිදු කළ විරෝධතාවයේ වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad