මහින්ද විරෝධී ඡන්ද හැට එක් ලක්ෂයක් මෙවරත් වෙනස් වී නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

මහින්ද විරෝධී ඡන්ද හැට එක් ලක්ෂයක් මෙවරත් වෙනස් වී නැහැ


ජනවාරි 08 වෙනසට පෙළ ගැසුණු ඡන්ද වෙනස් වී නොමැති බවත් මහින්ද රාජපක්ෂ විරෝධය එලෙසින්ම පවතින බවත් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන බව පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කීවේය.
ඔහු එසේ කීවේ පුරවැසි සංවිධාන එකතුව ඊයේ (12දා) මරදාන සී.එස්.ආර්. හිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. එහිදී චමීර පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවට හතළිස් නව ලක්ෂ හතළිස් එක්දහස් නවසිය පනස් දෙකක්

ඡන්ද ලැබී තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව ඉදිරිපත් වුණේ ජනවාරි 08 වැනිදා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයි. ජනවාරි 08 විප්ලවයට පෙළ ගැසුණු පක්ෂ මෙවර හැට එක් ලක්ෂ විසි හත්දහස් හාරසිය හැටපහක් ඡන්ද ලබා තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද අද වනවිටත් වෙනස් වී නොමැති බව පැහැදිලියි. ඒත් ඒ ගැන වැරැදි අර්ථකථනයක් දීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය කටයුතු කරනවා. ඔවුන්ට ලබාදී තිබෙන ඡන්ද පදනම ආණ්ඩු විරෝධීව දී තිබෙන ඡන්ද ප්‍රමාණයක් නෙවෙයි. ආණ්ඩුව වෙනස් කරන්න මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ.
ජනවාරි 08 වෙනස වෙනුවෙන් පෙළගැසුණු පක්ෂවලට එක ගොනුවකට මෙවර ඡන්ද ලැබී නැහැ. ආණ්ඩුව ගැනත් විවේචනයක් තිබෙනවා. මහජන අභිලාෂය නොසලකා හැරීමට විරුද්ධව ඡන්දය දී තිබෙනවා. යුක්තිය ඉටුකිරීම සම්බන්ධව ආණ්ඩුව අසමත්, වැරැදිකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් කිරීමට කල් හැර තිබෙනවා. ඒ පිළිබඳ විවේචන තිබෙනවා. ආර්ථිකය හැසිරවීම ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයට විවේචනයක් තිබෙනවා. ලිබරල් වැඩපිළිවෙළට ජනතාව විරෝධය පළ කළා.
ආණ්ඩුව අසමත් නැහැ. ඒත් ලකුණු අඩු වී තිබෙනවා. වංචනිකයන්ට හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුකරණයේ වෙනසක් වෙනුවෙන් බරපතළ තීන්දු ගත යුතුයි. ආර්ථිකය හැසිරවීමේ වෙනසක් අපේක්ෂා කරනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා වීම විහිළුවක්. ඔහු ශ්‍රී ලනිපය තුළ වරප්‍රසාද භුක්ති විඳින ගමන් තවත් පක්ෂයක කටයුතු කිරීම සුදුසු නැහැ.



දෙනගම ධම්මික රණවීර

No comments:

Post a Comment

Post Bottom Ad