මෛත්‍රි පුටුවෙ හිටියට මහින්ද ජනතා හදවතේ - ප්‍රසන්න රණතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

මෛත්‍රි පුටුවෙ හිටියට මහින්ද ජනතා හදවතේ - ප්‍රසන්න රණතුංග

 පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයන් සමඟ ඊයේ (12දා) මිනුවන්ගොඩ නගරයේදී පැවැති හමුවක් අමතමින් ප්‍රසන්න රණතුංග
මන්ත්‍රිවරයා මෙසේ පැවැසීය.


"මේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් ලබාදී තිබෙනවා. ලක්‍ෂ පනහක පමණ ඡන්ද දායකයන් පිරිසක් තමන්ගේ ඡන්දය පොහොට්ටුව ඉදිරියේ සටහන් කරලා මේ ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේ දැන්වත් ගෙදර යමල්ලා කියන පණිවුඩයයි.
රටේ බහුතර ජනතා කැමැත්තක් නැති මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැන් රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හෝ තියෙනවා නම් මේ දෙන්නා දැන් තමන්ගේ ධුරවලින් ඉවත් වෙලා ජනමතයට ගරු කළ යුතුයි කියලා අපි කියනවා.
ජනාධිපතිවරයා රට පාලනය කළාට මේ රටේ මිනිසුන්ගේ හදවතේ ඉන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බව මේ මැතිවරණයෙන් පැහැදිලි වෙලා ඉවරයි. “

No comments:

Post a Comment

Post Bottom Ad