ශ්‍රී ලංකා ක්‍රිකට් සයිමන් විලිස්ට ගෙදර යන්න ඕනලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් සයිමන් විලිස්ට ගෙදර යන්න ඕනලු


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්යය සාධන කළමනාකරු වශයෙන් සේවය කළ සයිමන් විලිස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් අයතනයට භාරදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ වසර 3ක් වූ කොන්ත්‍රාත්
කාලයේ වසර දෙකක්

නිමා වීමටත් පෙර, එළැඹෙන ජුනි මස 30 වැනිදායින් පසුව සයිමන් විලිස් සේවයෙන් ඉවත් වීමට නියමිතය. මේ අතර පෞද්ගලික කරුණක් නිසා ඔහු මෙලෙස ඉහළ කාර්යය සාධන කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම තනතුර සඳහා සුදුසු ආදේශකයක් සෙවීමේ කටයුතු මේ වන විටත් අරඹා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා, අරවින්ද ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති ධුරය දරන සමයේ සයිමන් විලිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්යය සාධන කළමනාකරු වශයෙන් 2016 මැයි මාසයේදී පත් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad