ඒකාබද්ධයේ අලුත්ම සෙල්ලම මෙන්න... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

ඒකාබද්ධයේ අලුත්ම සෙල්ලම මෙන්න...


රාජ්‍ය මූල්‍ය වත්කම රැක ගැනීමට කටයුතු කරන සහ වංචා, දූෂණ හෙළිකරන විගණකාධිපතිවරයා අඩපණ කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සඳහන් කරයි.

පසුගිය 07වැනිදා විගණකාධිපතිවරයා විසින් රටේ මූල්‍ය පිරිහීම පිළිබඳ සිදු කළ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනෙකු මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙන බවද එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.

මීට අමතරව විගණකාධිපතිවරයා අපහසුතාවට පත්කිරීම සඳහා වැරදි ප්‍රකාශ ප්‍රචාරය කරමින් සිටින බවත්, එහෙත් විගණකාධිපතිවරයා ලෙස සෑමවිටම සිදු කරනුයේ රාජ්‍යමුදල් ආරක්‍ෂා කරදීම බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා විගණකාධිපතිවරයා අඩපණ කිරීම සඳහා සිදුකරන විවිධ ක්‍රියා හෙළා දකින බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad