මෛත්‍රීගේ ජනාධිපති ධූර කාලය වසර පහයි – ශ්‍රේෂ්ඨාධිකරණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

මෛත්‍රීගේ ජනාධිපති ධූර කාලය වසර පහයි – ශ්‍රේෂ්ඨාධිකරණය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී තිබේ. පසුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට වසර 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබිණි.
මේ සම්බන්ධයෙන් රැස්වූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපතිගේ වාරය වසර පහකට පමණක් සීමා වී ඇති බවයි. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ හා කේ. චිත්‍රසිරි එම විනිසුරු මඩුල්ලට ඇතුළත්ව සිටියහ.
එම විනිසුරු මඩුල්ල ඊයෙ (14) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට සිය මතය දැනුම් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad