කොළඹ පදික වෙළෙඳුන්ට ෆයිසර්ගෙන් කොළඑළියක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

කොළඹ පදික වෙළෙඳුන්ට ෆයිසර්ගෙන් කොළඑළියක්‌


කොළඹ පිටකොටුවේ පදික වෙළෙඳුන් එළවීමට කිසිවකුටත් තමා ඉඩ දෙන්නේ නැතැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පෙරේදා (13 දා) පැවැසීය. පදික වෙළෙඳුන්ගේ ගැටලු නිරාකරණය කිරීමට තමන් කවදත් පෙනී සිටි බවත් ඉදිරියේදීත් පදික වෙළෙඳුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් පෙරේදා (13 දා) පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු සොයා බැලීමට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමැතිවරයා කියා සිටියේය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

පදික වෙළෙඳුන්ට එරෙහි සිදු කෙරෙන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී ඊට එරෙහිව මුලින්ම නැගිටින්නේ මමයි. මෙය එක්‌සත් ජාතික පක්‍ෂ බලකොටුවක්‌ නෙවෙයි. මෙය ෆයිසර් මුස්‌තාපාගේ බලකොටුවක්‌. මගේ අපේක්‍ෂාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කොළඹ නගර සභාවක්‌ බිහිකර ගැනීමයි. එහිදී පදික වෙළෙඳුන්ගේ සුබ සාධක කටයුතු ඉහළ නැංවීමට අපේක්‍ෂා කරනවා. විශේෂයෙන් නගර සභාවෙන් සහ පොලිසියෙන් පදික වෙළෙඳුන්ට සිදුවන ගැටලු අවම කිරීමට මම මැදිහත් වී කටයුතු කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad