'ගෑණු බොන එක ගැන හාමුදුරුවරු කලබලවෙන්න ඕනේ නැහැ' - දීපානි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

'ගෑණු බොන එක ගැන හාමුදුරුවරු කලබලවෙන්න ඕනේ නැහැ' - දීපානි

ස්කාගාරවලින් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල මත්පැන් අලෙවි කිරීමට, මිලට ගැනීමට සහ ඒවායේ සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ තලයන්හි කතාබහට ලක්වී ඇත.

මේ ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශීල්පිනි දීපානි සිල්වා මෙසේ අදහස් දක්වා සිටියේය.

මම දන්න ආකාරයට කිසිම දවසක කාන්තාවන්ට එහෙම නීති රීති පද්ධතියක් තිබුණෙ නැහැ. එහෙම දෙයක් තිබුණද මම දන්නෙ නැහැ. කාන්තාවන්ට බොන්න එපා කියන එක, මත්පැන් විකිණීම තහනම්, මත්පැන් හල්වලින් මත්පැන් ගැනීම තහනම් කියන දේවල් අපි විසින්ම පනවා ගත්ත වාරණ. ඇත්තටම එහෙම තිබුණා නම් එක විහිළුවක්.

මත්පැන් බොන්න ඕනෙ කාන්තාවො ඒ ඒ පැලැන්තිවල ඒ ඒ විදියට බොනවා. උසස් පැලැන්තියේ අය ලොකු ලොකු හෝටල් වලදි මත්පැන් බොනවා. පහළ පැලැන්තියේ අය විශේෂයෙන් මහන්සිවෙලා වැඩකරන අය සමහරක් වෙලාවට තමන්ගෙ මහන්සියට පොඩ්ඩක් බොනවා. ඒවා හැමදාමත් සාමාන්‍ය විදියට තිබුණා.

 'මිනිසුන්ව වෙන විදියකට කුලප්පු කරන්න හදනවද මන්දා'

මිනිස්සු ඒ ගැන තර්ක කරන්න ගියේ නැහැ. මුදල් ඇමැතිවරයත් මේ ගැන නොදන්නවා නෙවෙයි. ඔහුත් දන්නවා. මේක මිනිසුන් ව වෙන විදියකට කුලප්පු කරන්න කළා ද කියලා හිතාගන්න බැහැ. සමාජය ගැන හොඳ දැනුමක් තියෙන ඇමැති වරයෙක් විදියට මම ඔහුට ගරු කරනවා. ඒත් මෙවැනි නීතියක් ලිහිල් කළා කියන්න කලින් එහෙම නීති පද්ධතියක් තිබුණද කියල දැනගන්න ඕනෙ. එදත් අපේ ගෑණු උදවිය බිව්වා. අදත් බොනවා .හෙටත් බොයි .

මත්පැන් බොන්න දුන්නු පමණින් බීල බීල ගෑණු ගෙදරට ඒවි කියල හිතනවා නම් එතනයි වරද තියෙන්නෙ. මොකද අද අපේ කාන්තාවො දන්නව එයාල තමා මුළු බරම කරට අරගෙන පවුලේ වගකීම දරන්නෙ කියන එක. ඇය දන්නව තමන් යන්න ඕනෙ කොතනකටද කියන එක. ඒක ලිහිල් කළා කියල පවුලට ආදරය කරන කාන්තාවො එහෙම කරන්නෙ නැහැ. ඔවුන්ට බොන්න දුන්න පමණින් සමාජයම අනිත් පැත්තට පෙරළනව කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.

මේක දේශපාලනයක් කරගෙන:

මේ වෙද්දි මේ ගැන හාමුදුරුවරු කලබලවෙලා. හාමුදුරුවරුන්ට කතා කරන්න මීට වඩා දේවල් තියෙනවා. දැන් ඒ අය මේක දේශපාලනයක් කරගෙන. ඔය කතාව දේශපාලනයක් කරගෙන හැමෝම තර්ක කරන්න යනව. මේ වෙලාවෙ මේ ගැන තර්ක කරන දේශපාලන වේදිකාවෙ කෑගහන ගෑණු එලියට ගිහින් ඕනෙ තරම් බොනවා. ඒ එයාලගෙ සමාජ තලවලදි. මේ වෙලාවෙ මේක මත්තෙ දුවනවට වඩා හාමුදුරුවරු සමාජ සත්කාරයක් කියල හිතාගෙන ඒ අයගෙ ධර්මයට අනුව කටයුතු කළොත් හොඳයි. මෙතනදි මම පක්ෂග්‍රාහී වෙලා නෙවෙයි කතාකරන්නෙ. කොහොම වුණත් මත්පැන් බීම ලිහිල් කළා කියල නැති එකක් අරගෙන දමල ඒ ගැන වාද කරමින් ඉන්න එක නෙවෙයි අප කළ යුත්තෙ.''

(mirrorarts.lk)

No comments:

Post a Comment

Post Bottom Ad